Ultimate magazine theme for WordPress.

ඉතිහාසයේ පළමු වරට මඩුගල්ල ශ්‍රී ලංකා ටෙස්ට් තරගයකට

රංජන් මඩුගල්ල මහතාට ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන ටෙස්ට් තරගයකදී තරග තීරකවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී යි.

ටෙස්ට් තරගාවලියක් සඳහා තරග තීරකවරයකු නම් කිරීමේදී අනුගමනය කරනු ලැබූ සම්ප්‍රදාය වූයේ තරග කරනු ලබන රටවල් දෙකට අයත් නොවන රටක තරග තීරකවරයෙකු ඒ සදහා පත් කිරීමයි.

කෙසේ වෙතත්, ලොව පුරා පවතින කොවිඩි 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඒ ඒ රටවල තරග තීරකවරුන් සහ විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමටයි මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත්තේ.

අයි.සී.සී තරග තීරක මඬුල්ලේ ප්‍රධානියා ලෙසින් ද කටයුතු කරන මඩුගල්ල මහතා ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක තරග තීරකවරයා ලෙසින් කටයුතු කළ පුද්ගලයා ද වනවා.

1993 වසරේදී සිය තරග තීරක දිවිය ඇරඹූ ඔහු මේ වන විට ටෙස්ට් තරග 193 කදී තරග තීරකවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.

ටෙස්ට් තරග 150 ක් වෙනුවෙන් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන ලද ලොව පළමු තරග තීරකයා වන්නේ ඔහුයි.

මේ අතර, 2012 සහ 2018 වර්ෂවලදී අයි.සී.සී වසරේ විනිසුරු ලෙස සම්මාන දිනා ගත් කුමාර ධර්මසේන මහතා ද මෙම තරගාවලියේ දී ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනවා.

තරග තීරකවරුන් – රංජන් මඩුගල්ල, අතිරේක තරග තීරක – ග්‍රේම් ලැබ්‍රෝයි,

පිටියේ විනිසුරුවන් – කුමාර ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, තෙවන විනිසුරු – ලින්ඩන් හැනිබල්,

සිව්වැනි විනිසුරු – රවීන්ද්‍ර විමලසිරි, අතිරේක විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල

(මූලාශ්‍රය – SLC)

Leave a comment