Ultimate magazine theme for WordPress.

“මගේ ලෝක වාර්තාව ඔහුට බිදින්න පුලුවන්” – මුරලි

ටෙස්ට් කඩුලු 800ක් දවා ගනිමින් තමා පිහිටුවා ඇති ලෝක වාර්තාව බිද දැමිය හැකි බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍යක් වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ඕනෑම දක්ෂ පන්දු යවන්නෙකුට මෙම ලෝක වාර්තාව බිද දැමිය හැකි බවයි.

“ගිබ්ස් කඩුලු 309ක් දවා ගෙන සිටියදී කවුරුත් හිතුවේ නැහැ ඒ ලෝක වාර්තාව බිද දමයි කියලා. නමුත් ඒ වාර්තාව කැඩුණා. පන්දු යවන්නන් රැසක් ඒ කඩුලු ප්‍රමාණය දවා ගත්තා. ඒ වගේම මගේ වාර්තාවත් බිද දැමිය හැකියි”

යනුවෙන් මුරලිදරන් කියා සිටියා.

පසුගියදා කඩුලු 600 සීමාවට ළගා වූ ජේම්ස් ඇන්ඩර්සන්ට සුබ පැතුම් එක් කිරීමට ද මුත්තයියා මුරලිදරන් අමතක කළේ නැහැ.

“මම ගොඩක් සතුටුයි ඔහු ගැන. ඔහු මගේ කණ්ඩායම් සාමාජිකයෙකු වුණා ලැන්කෂෙයාර් කණ්ඩායමට මම ක්‍රීඩා කරන විට”

“මම අනුමාන කරනවා ස්ටුවට් බ්‍රෝඩ්ට කඩුලු 600 සීමාවට ළගා වෙන්න පුලුවන් කියලා. කවුද දන්නේ ජේම්ස් ඇන්ඩර්සන් තවත් අවුරුදු 6ක් 7ක් ක්‍රීඩා කළොත් මගේ වාර්තාවත් බිද දමන්න පුලුවන් වේවි.”

Leave a comment