Ultimate magazine theme for WordPress.

“මගේ දියණිය ගැන කටකතා අසත්‍යයයි” – අෆ්රිඩි

තම දියණිය අසනීප තත්ත්වයෙන් පසු නොවන බව පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නිත්‍ය නායක ශහිඩ් අෆ්රිඩි පවසනවා.

අසත්‍ය ප්‍රවෘත්ති සමාජ මාධ්‍යවල පැතිර යමින් පවතින බවට ඔහු සදහන් කර ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, අසත්‍ය පුවත් පැතිරවීමෙන් වැළකිය යුතු බවත්, අෆ්රිඩි සදහන් කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ශහිඩ් අෆ්රිඩි යළි පාකිස්තානය බලා පිටව යාමට පසුගිය දිනක පියවර ගත්තේ විශේෂ පෞද්ගලික කරුණක් හේතුවෙන්.

ඒ බව ඔහු සිය ට්විටර් ගිණුමේ ද සදහන් කර තිබූ නමුත්, පෞද්ගලික හේතුව කුමක් දැයි සදහන් කර තිබුණේ නැහැ.

නමුත් පසුව සමාජ මාධ්‍ය තුළ වාර්තා පල වූයේ ෂහිඩ් අෆ්රිඩිගේ දියණිය රෝහල් ගත කිරීම නිසා ඔහු යළි සියරට බලා පිටව ගිය බවයි.

කෙසේ වෙතත්, එම පුවතේ සත්‍යතාවය පිළිබද තහවුරු කිරීමක් සිදු කර තිබුණේ නැහැ.

Leave a comment