Ultimate magazine theme for WordPress.

භානුකගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දියාව සමග සිකුරාදා(23) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඔහු දෙවැනි එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය මේ වන විට සුව වී ඇති බැවින්.

පන්දු රකිමින් සිටියදී භානුක එම ආබාධයට ලක් වූ අතර අනතුරුව ක්‍රීඩාංගනයෙන් ඉවත් වීමට පියවර ගත්තා.

ඔහු තරගාවලියේ පළමු තරගයේ දී ලකුණු 24ක් රැස් කළ අතර, දෙවැනි තරගයේ දී ලකුණු නොලබා දැවී ගියා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භවීමට නියමිතයි.

(ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයෙන් පසු මෙම පුවත යාවත්කාලීන කර ඇත)

Leave a comment