Ultimate magazine theme for WordPress.

භානුක රාජපක්ෂ තීරණය වෙනස් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට පසුගියදා ගත් තීරණය අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සදහන් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බව දන්වමින් භානුක රාජපක්ෂ ඉදිරිපත් කළ ලිපිය ඉවත් කර ගැනීමට ඔහු කටයුතු කර ඇති බවයි.

ජාත්‍යන්තර පිටියට සමු දීමට ඔහු ගත් තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා භානුක රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද ඊයේ(12) පෙරවරුවේ සිදුව තිබුණා.

ඒ, අරලියගහ මන්දිරයේ දී යි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළු පාර්ශව රැසක් ද භානුක රාජපක්ෂට සිය තීරණය වෙනස් කරන ලෙස මීට පෙර ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

පවුලේ වගකීම් සම්බන්ධයෙන් සලකා බලා ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබූ නමුත්, ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින ගැටලු මත ඔහු එම තීරණය ගෙන තිබූ බවට ද තොරතුරු වාර්තා වුණා.

Leave a comment