Ultimate magazine theme for WordPress.

භානුක රාජපක්ෂගෙන් නව හයේ වාර්තාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලිය පසුගිය 27 වන දා අවසන් වුණේ කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දුන් සී.සී.සී. කණ්ඩායමට ලීග් ශූරතාවය හිමිකර දෙමින්.

එම තරගාවලියේ පලිහ ශූරතාවය මුවර්ස් කණ්ඩායම විසින් හිමිකරගනු ලැබුවා.

තරගාවලිය පුරාවටම නවක ක්‍රීඩකයින් හා නම් දැරූ ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීම විශේෂත්වයක්.

තරගාවලියේ නොකඩවා දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර භානුක රාජපක්ෂ ද ඉදිරියෙන් සිටියා.

ඔහු තරගාවලිය අවසන් කළේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින්.

භානුක රාජපක්ෂ තරග 10 ක දී ඉනිම 18 ක් ක්‍රීඩා කර රැස් කළ ලකුණු සංඛ්‍යාව 835 ක්.

ඉනිමක සාමාන්‍ය 49.11 ක් ලෙසයි සටහන් වුණේ.

තරගාවලියේ වැඩිම ප්‍රහාරාත්මක වේගයකට හිමිකම් කීමට ද භානුක රාජපක්ෂ සමත් වුණේ 120.31 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින්.

ඔහුගේ ලකුණු එකතුවට හයේ පහරවල් 50 ක් ඇතුලත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව භානුක විසින් ශ්‍රී ලංකා පළමුපෙල වාර්තා අලුත් කරනු ලැබුවේ පළමුපෙල තරග වාරයක දී වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත් වෙමින්.

තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට වරම් නොලද භානුක රාජපක්ෂගේ මෙම දක්ෂතාවයන් ඔහු පිළිබඳව තේරීම් කමිටුවට දෙවරක් සිතීමට අවස්ථාව සලසා දී ඇති බව ද සදහන් කළ හැකියි.

Leave a comment