Ultimate magazine theme for WordPress.

භානුකගේ වේගවත් ඉනිම අපතේ යයි – දනුෂ්ක හා පැතුම්ගේ අනර්ඝ ඉනිම් දසුන්ගේ පිලට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය ආරම්භ කිරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

තරග සංචාරය නිල වශයෙන් ස්ථීර කරමින් තරග කාලසටහන ද පසුගියදා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඒ අනුව එළඹෙන මාර්තු 03 වනදා පැවැත්වෙන ප්‍රථම විස්සයි විස්ස තරගය ඇතුළුව විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් මෙම තරග සංචාරයට ඇතුළත්.

තරගාවලිය සදහා නම් කෙරුණු මූලීක සංචිතයේ ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු ද පසුගියදා ආරම්භ කළ අතර,  20යි විස්ස තරගාවලිය අරමුණු කර ගනිමින් පුහුණු තරගයක් SSC ක්‍රීඩාංගණයේදී ඊයේ (17) පැවැත්වුණා.

එහිදී තරග වැදුණේ ඉසුරු උදානගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉසුරු උදානගේ කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉසුරු උදානගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 143 ක්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 28 කදී ලකුණු 50 ක් රැස් කිරීමට සමත්වුණා.

ඔහුගේ එම ඉනිමට හතරේ පහරවල් පහක් හා හයේ පහරවල් 4 ක් ඇතුළත් වුණා.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 30 කදී ලකුණු 30 යි.

දුෂ්මන්ත චමීර කඩුලු 3 ක් බිඳ හෙලද්දී අකිල ධනංජය හා වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ලකුණු 144 ක ඉලක්කයක් හඹා ගිය දසුන් ශානකගේ කණ්ඩායම පන්දුවාර 17 කදී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර අනර්ඝ පිතිහරඹයක් දියත් කල දනුෂ්ක ගුණතිලක පන්දු 55 කදී නොදැවී රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 82 ක්.

එම ඉනිම හයේ පහරවල් 2 කින් සහ හතරේ පහරවල් 5 කින් වර්ණවත් වී තිබුණා.

නවක ක්‍රීඩක පැතුම් නිස්සංක හතරේ පහරවල් 5 ක් වාර්තා කරමින් පන්දු 38 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 40 ක්.

Leave a comment