බෝම්බ පිපිරීමකින් ඇෆ්ඝනිස්තාන විනිසුරුවරයෙකු මරුට

ඇෆ්ඝනිස්තානයේ සිදු වූ කාර් බෝම්බ පිපිරීමකින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලාහ් ශින්වාරි (Bismillah Jan Shinwari) මිය ගොස් තිබෙනවා.
පිපිරීමෙන් 36 හැවිරිදි ඔහුගේ පවුලේ තවත් සාමාජිකයින් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම මෙම පිපිරීමෙන් පුද්ගලයින් 15 දෙනෙකුට වැඩි පිරිසකට දිවි අහිමි වී ඇති අතර, තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.