Ultimate magazine theme for WordPress.

බුවනේෂ්වර් වෙනුවට ප්‍රිත්වි සන්රයිසස් කණ්ඩායමට

මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග සදහා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ප්‍රිත්වි රාජ් යරා (Prithvi Raj Yarra) සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඒ, පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බුවනේෂ්වර් කුමාර් වෙනුවටයි.

පසුගියදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු මෙම ආබාධයට ගොදුරු වුණා.

22 හැවිරිදි වමත් වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රිත්වි රාජ් පසුගිය තරග වාරයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි නියෝජනය කළේ.

Leave a comment