Ultimate magazine theme for WordPress.

බුවනේෂ්වර් කුමාර් IPL තරගාවලියෙන් ඉවතට

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි සියලු තරග අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු පසුගියදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ගොදුරු වූ පාදයක ආබාධය හේතුවෙන්.

මීට පෙර සන්රයිසස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ද පාදයක ආබාධයකට ගොදුරු වූ අතර, ඔහුටද තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

මෙවර තරගාවලිය යටතේ සන්රයිසස් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ දී මිචෙල් මාෂ් එම ආබාධයට මුහුණ දුන්නා.

ඔහු වෙනුවට කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සංචිතයට කැදවීමටයි කණ්ඩායම් කළමණකාරීත්වය පියවර ගත්තේ.

Leave a comment