Ultimate magazine theme for WordPress.

බ්‍රෝඩ්ට ICC යෙන් දඩ සමග දඩුවම් ලකුණක්

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් පැනවීමට තීරණය කර ඇති බව සදහන්.

ඊට අමතරව බ්‍රෝඩ්ගේ විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා.

පාකිස්තාන දෙවන ඉනිමේ දී යසීර් ෂාහ්ගේ කඩුල්ල දවා ගැනිමෙන් පසුව එය සැමරීමේ දී නුසුදුසු වචන භාවිත කළ බවටයි ස්ටුවට් බ්‍රෝඩ්ට චෝදනා එල්ල වුණේ.

ස්ටුවට් බ්‍රෝඩ් තම වරද පිළිගෙන ඇති බවත්, පනවා ඇති දඩුවමට එකග වී ඇති බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය කියා සිටියා.

Leave a comment