Ultimate magazine theme for WordPress.

බබාර් 82, පාකිස්තානයට කඩුලු 6ක ජයක් – Match Report

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

පාකිස්තානයේ රාවල්පින්ඩිහි පැවැති තරගයේ කාසියේ වාසියේ දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා.

Wesley Madhevere පන්දු 48කින් ලකුණු 70ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමගින්.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් සහ වහබ් රියාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුපුරුදු පිතිප්‍රහාරය දියත් කළ නායක බබාර් අසාම් පන්දු 55කින් ලකුණු 82ක් ලබා ගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඉනිමට එක් කරමින්.

මොහොමඩ් හෆීස් ලකුණු 36යි.

පන්දු යැවීමේ දී Blessing Muzarabani කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවැනි තරගය හෙට(8) පැවැත්වීමට නියමිතයි.

Leave a comment