Ultimate magazine theme for WordPress.

බබාර් අසාම් මෙවරත් ප්‍රාන්ත පිටියට

පාකිස්තාන පිතිකරු බබාර් අසාම් බ්‍රිතාන්‍යයේ සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් මෙවර ප්‍රාන්ත 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත අර්බුදයත් සමග විදෙස් ක්‍රීඩකයින් රැසකට එරට ප්‍රාන්ත කණ්ඩායම් සමග පවතින ගිවිසුම් අහිමි වූ පසුබිමක් යටතේයි.

මේ වන විටත් පාකිස්තාන කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතර, බබාර් අසාම් ලබන දෙවනදා සමර්සෙට් කණ්ඩායම සමගින් එක් වීමට නියමිත බව සදහන්.

ඔහු ඔක්තෝම්බර් 4 වනදා දක්වා එම කණ්ඩායම සමග රැදී සිටිනු ඇති.

පසුගිය ප්‍රාන්ත තරගවාරයේ දී ද සමර්සෙට් කණ්ඩායම නියෝජනය කළ බබාර් අසාම් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වුණේ තරග 13කදී ලකුණු 578ක් ලබා ගනිමින්.

ඉනිමක සාමාන්‍ය සටහන් වූයේ 52ක් ලෙසයි.

Leave a comment