Ultimate magazine theme for WordPress.

බබාර් අසාම්ට නව උප නායකයෙක්

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙස මොහොමඩ් රිස්වාන් පත් කර තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස බබාර් අසාම් ඊයේ(10) පත් කෙරුණු අතර, අනතුරුව අද දිනයේ දී එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව පන්දුවාර 20යි 20 තරග රටාවේ උප නායකා ලෙස ශඩාබ් ඛාන් පත් කර තිබෙනවා.

35 දෙනෙකුගෙන් යුත් සංචිතයට අසාඩ් ශෆික්, මොහොමඩ් අමීර් සහ ෂොයිබ් මලික් යන ක්‍රීඩකයින් නම් කර නැහැ.

පාකිස්තාන කණ්ඩායම ලබන 23 වනදා නවසීලන්තය බලා පිටත්ව යන අතර, අනතුරුව දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වනු ඇති.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 2ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය දෙසැම්බර් 18 වනදා පැවැත්වෙනවා.

පාකිස්තාන සංචිතය –

Abid Ali, Abdullah Shafique, Fakhar Zaman, Imam-ul-Haq, Shan Masood, Zeeshan Malik, Babar Azam (captain), Azhar Ali, Danish Aziz, Fawad Alam, Haider Ali, Haris Sohail, Hussain Talat, Iftikhar Ahmed, Imran Butt, Khushdil Shah, Mohammad Hafeez, Mohammad Rizwan, Rohail Nazir, Sarfaraz Ahmed, Imad Wasim, Shadab Khan, Usman Qadir, Yasir Shah, Zafar Gohar. Amad Butt, Faheem Ashraf, Haris Rauf, Mohammad Abbas, Mohammad Hasnain. Mohammad Musa, Naseem Shah, Shaheen Shah Afridi, Sohail Khan and Wahab Riaz

තරග කාලසටහන –

18 Dec – 1st T20I, Eden Park, Auckland

20 Dec – 2nd T20I, Seddon Park, Hamilton

22 Dec – 3rd T20I, McLean Park, Napier

26-30 Dec – 1st Test, Bay Oval, Mount Maunganui

3-7 Jan – 2nd Test, Hagley Oval, Christchurch

Leave a comment