Ultimate magazine theme for WordPress.

බබාර්ගේ අර්ධ ශතකය පාකිස්තානය ස්ථාවර කරයි – Day 1 Report

ADVERTISEMENT

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(4) රාවල්පින්ඩිහී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 145ක්.

පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 58ක් පමණයි.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 22ක්ව තිබියදී බිද වැටුණා.

අනතුරුව නායක බබාර් අසාම් සහ ෆාවඩ් අලාම් අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 123ක්.

සිය 16 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ බබාර් නොදැවී ලකුණු 77යි.

ෆාවඩ් අලාම් ලකුණු 42ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් කඩුලු 2ක් බිද හෙලූ අතර, අන්රිච් නොකියා (Anrich Nortje) එක් කඩුල්ලක් බිද හෙලුවා.

Leave a comment