Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ කොන්ත්‍රාත් හිමි ක්‍රීඩකයින් ලැයිස්තුව නිවේදනය කෙරේ – ටමිම් ඇතුළු සිව්දෙනෙකු එළියට

2024 වසර සදහා වන මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නාම ලේඛනය එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ටමිම් ඉක්බාල් මෙම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්ව නොතිබීම විශේෂත්වයක්. ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අනාගතය සම්බන්ධයෙන් මේ වන විට බරපතල ගැටලු සහගත තත්ත්වයක් පැන නැගී තිබෙනවා.

පසුගිය වසරේ ජූලි මාසයේ දී ටමිම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ නමුත්, දිනක් ඇතුළත ඔහු එම තීරණය යළි අවලංගු කළේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Sheikh Hasina සමග පැවැති සාකච්ඡාවකින් පසුවයි.

මෙවර මධ්‍යම කොන්ත්‍රාත් හිමි බංග්ලාදේශ ක්‍රීඩකයින් සංඛ්‍යාව 21 ක්. ඔවුන් අතරින් ශොරිෆුල් ඉස්ලාම් හා නව නායක නජ්මුල් හොසේන් ශන්තෝ තරග රටා ත්‍රිත්වයටම අදාළ කොන්ත්‍රාත් හිමි කර ගෙන තිබෙනවා.

පසුගිය වසරේ දී තරග රටා තුනේම කොන්ත්‍රාත් හිමි කර ගෙන සිටි ටස්කින් අහ්මඩ්ට මෙවර හිමිව ඇත්තේ එක්දින හා 20යි 20 කොන්ත්‍රාත් පමණයි.

තමාව ටෙස්ට් තරග සදහා සලකා නොබලන ලෙස දන්වමින් ඔහු මෑතකදී එරට ක්‍රිකට් ආයතනයට ලිපියක් ද යොමු කර තිබූ බව සදහන්.

ටමිම්ට අමතරව එබඩොට් හොසේන්, අෆිෆ් හොසේන් හා මොසඩෙක් හොසේන් යන ක්‍රීඩකයින් ද මෙවර කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවත් කර තිබෙනවා.

මෙවර අලුතින් කොන්ත්‍රාත් ගිවිසුම් හිමි කර ගෙන ඇත්තේ තව්හිද් හ්රිදෝයි, තන්සිම් හසාන්, මහ්මුදුල් හසාන් ජෝයි, නයීම් හසාන් හා නුරුල් හසාන්.

මේ අතර, 2024 වසර සදහා පළමු පෙල ක්‍රීඩකයින්ගේ වැටුප් කොන්ත්‍රාත් ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩකයින් 85 දෙනෙකුට කොන්ත්‍රාත් හිමිවනු ඇති.

2024 Bangladesh central contracts

  • All formats: Litton Das, Shakib Al Hasan, Mehidy Hassan Miraz, Najmul Hossain Shanto and Shoriful Islam
  • Tests and ODIs: Mushfiqur Rahim
  • ODIs and T20Is: Taskin Ahmed, Towhid Hridoy, Mustafizur Rahman, Hasan Mahmud
  • Only Tests: Mominul Hoque, Taijul Islam, Zakir Hasan, Mahmudul Hasan Joy, Khaled Ahmed, Naeem Hasan
  • Only ODIs: Mahmudullah, Tanzim Hasan
  • Only T20Is: Nasum Ahmed, Mahedi Hasan, Nurul Hasan
Leave a comment