Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචාරය ප්‍රතික්ෂේප කරයි

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය නියමිත කාලසටහනට අනුව සිදු කිරීම සදහා බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සිය අකමැත්ත පල කර තිබෙනවා.

ඒ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබන මස තෙවැනි සතියේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ද පෙන්වා දෙන්නේ නිසි සූදානමක් නොමැතිව ක්‍රීඩකයින් අදාළ තරගාවලිය සදහා යොමු කළ නොහැකි බවයි.

දීර්ඝ කාලයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීම හේතුවෙන් අවම වශයෙන් දින 40ක පුහුණුවීම් කාලයක් ක්‍රීඩකයින්ට ලබා දිය යුතු බව එරට ක්‍රිකට් ආයතනයේ අදහසයි.

මීට පෙර ක්‍රීඩාංගනයක සිට පුහුණු කටයුතු ආරම්භ කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කළ ඉල්ලීමක් ද ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ නමුත්, මේ වන විට පෞද්ගලිකව පුහුණුවීම් ආරම්භ කිරීම සදහා අවස්ථාව ලබා දීමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

අදාළ තරගාවලිය නියමිත කාලසටහනට අනුව පැවැත්වීමට නොහැකි වුවහොත් එය සැප්තැම්බර් මාසයේ දී හෝ පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.

Leave a comment