Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ ක්‍රීඩකයාට වසර දෙකක ක්‍රිකට් තහනමක්

බංග්ලාදේශ පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කසී ඉස්ලාම්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු ජාතික ක්‍රිකට් ලීගය අතරතුර දී තහනම් උත්තේජක ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වීම හේතුවෙන්.

ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට පරීක්ෂණවලින් අණාවරණය වූයේ 2018 වසරේ නොවැම්බර් මාසයේ දීයි.

අනතුරුව ඔහු වරද පිළිගත් අතර, 2019 පෙබරවාරි මාසයේ දී තාවකාලික තරග තහනමක් පනවනු ලැබුවා.

ඒ අනුව එම තහනම ආරම්භ වූ පෙබරවාරි 8 වනදා සිට වසර දෙකක් කාලයක් බලපැවැත්වෙන පරිදියි මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔහුට තරග තහනමක් පනවා ඇත්තේ.

2021 වසරේ පෙබරවාරි 7 වනදායින් පසුව කසී ඉස්ලාම්ට යළි ක්‍රිකට් ක්‍රීඩාව හා එක් වීමේ අවස්ථාව පවතිනවා.

Leave a comment