Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත් කල් යයි

ලබන මාසයේ දී සිදු කිරීමට නියමිත වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

තරගාවලිය සදහා සූදානම් වීමට එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට තවමත් සුදුසු වාතාවරණයක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උදා වී නොමැති බවටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව තරගාවලිය වෙනත් සුදුසු කාලයකදී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකගතාවයකට එළඹ ඇති බව සදහන්.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

මීට පෙර එංගලන්ත, දකුණු අප්‍රිකා සහ ඉන්දීය කණ්ඩායම් සමග මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි ද කොරෝනා වසංගත අර්බුදය හමුවේ කල් දැමීමටයි තීරණය කෙරුණේ.

Leave a comment