Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය ලෝකෙන්ම එක වෙයි; ශ්‍රී ලංකාව තාමත් සෘන දෙකේ

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ බංග්ලාදේශය එහි පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, අද(25) ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලැබූ ජයත් සමගින්.

මේ වන විට බංග්ලාදේශය සුපර් ලීගය යටතේ ඔවුන් සහභාගී වූ තරග 8න් තරග 5ක් ජය ගෙන ඇති අතර, ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 50ක්.

සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 5ම පරාජයට පත්ව තිබෙනවා.

දඩුවම් ලකුණු දෙකක් ද ශ්‍රී ලංකාවට පනවා ඇති බැවින් ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇත්තේ සෘන ප්‍රසාද ලකුණු 2ක්.

ඒ අනුව රටවල් 13ක් සහභාගී වන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 12 වන ස්ථානයේ රැදී සිටිනවා.

ප්‍රසාද ලකුණු සටහන –

  1. බංග්ලදේශය : තරග 8 – ප්‍රසාද ලකුණු 50
  2. එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29
  9. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  10. අයර්ලන්තය : තරග 6 – ප්‍රසාද ලකුණු 10
  11. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9
  12. ශ්‍රී ලංකාව : තරග 5 – ප්‍රසාද ලකුණු -2
    නෙදර්ලන්තය
Leave a comment