Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් 4 දෙනා අතරට සුදුසුකම් ලබයි

Match Report

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානය අද(6) සමත් වුණා.

ඒ, තරගාවලියේ 41 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව දෙවන කාණ්ඩයෙන් ඉන්දියාව හා පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, නෙදර්ලන්තය හමුවේ මෙරට වේලාවෙන් අද පෙරවරුවේ දී අනපේක්ෂිත පරාජයක් ලැබූ දකුණු අප්‍රිකාවට හා පාකිස්තානය හමුවේ පරාජයට පත් වූ බංග්ලාදේශයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය මෙරට වේලාවෙන් අද දහවල් 1.30ට ඉන්දියාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර ආරම්භ වීමට නියමිතව ඇති අතර, එම තරගයේ ප්‍රතිපලය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන කාණ්ඩයේ පළමු හා දෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක තීරණය වනු ඇති.

ඇඩිලේඩ්හී දී අද පැවැති පාකිස්තාන – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 127 ක් ලබා ගත්තා.

නජ්මුල් හොසේන් ලකුණු 54 ක් ලබා ගත් අතර, අෆිෆ් හොසේන් නොදැවී ලකුණු 24 යි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මොහමඩ් රිස්වාන් ලකුණු 32 ක්, මොහමඩ් හැරිස් ලකුණු 31 ක් හා බාබර් අසාම් ලකුණු 25 ක් ලබා ගත්තා. ශාන් මසූඩ් නොදැවී ලකුණු 24යි.

Show Comments (1)