Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නිවේදනය කෙරේ – පළමු තරග දෙකට නව නායකයෙක්

ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තෙවැනි විස්සයි 20 තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංකට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(28) පස්වරුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් අතර, පළමු තරග දෙකේ දී කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමට නියමිතයි.

ඒ, නිත්‍ය නායක වනිදු හසරංගට එරෙහිව තරග දෙකක තහනමක් පැනවීමට පසුගියදා ජගත් ක්‍රිකට් කවුන්සලය ගත් තීරණය හේතුවෙන්.

මේ අතර, ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තෙවැනි විස්සයි 20 තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංකට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට ආදේශ කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඇෆ්ඝනිස්තානයට එරෙහි පළමු එක්දින තරගයේ දී ආබාධයකට ලක් වීම නිසා ඇෆ්ඝනිස්තානය සමග පැවැති විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම තරගාවලියට ද නම් කර නැහැ.

මේ අතර, ‌පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද විස්සයි 20 සංචිතය සදහා නම් කර තිබෙනවා. වනිදු හසරංගට පළමු තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වීම පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදු කර ඇති බවක් දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (29) දිනයේ දී බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි. විස්සයි 20 තරගාවලිය මාර්තු 4, 6 හා 9 යන දිනවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

අනතුරුව මාර්තු 13, 15 හා 18 යන දිනවලදී එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි. පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වැනිදා ආරම්භ වන්නේ සිල්හෙට් හී දී යි. මාර්තු 30 වැනිදා Chattogram හී දී දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වනවා.

T20I Squad

1.Wanindu Hasaranga – Captain
2.Charith Asalanka -Vice Captain
3. Kusal Mendis
4. Sadeera Samarawickrama
5. Angelo Mathews
6. Dasun Shanaka
7. Maheesh Theekshana
8. Dhananjaya de Silva
09. Kusal Janith Perera
10. Dilshan Madushanka
11. Nuwan Thushara
12.Matheesha Pathirana
13.Akila Dananjaya
14.Binura Fernando
15.Kamindu Mendis
16. Avishka Fernando – comes in place of Pathum Nissanka.
17. Jeffrey Vandersay

Leave a comment