Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශයට එරෙහි නායකත්වය ටොම් ලේතම්ට ; අජාස් පටෙල් ඉවතට

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටොම් ලේතම්ට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක කේන් විලියම්සන්ට ඔහුගේ වැලමිටක ආබාධ තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බැවින්.

මීට පෙර ද ටොම් ලේතම් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරා ඇතත්, ටෙස්ට් තරගාවලියකම නායකයා ලෙස ඔහුව පත් කර ඇති පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී අතක ආබාධයකට ලක් වූ ඩෙවෝන් කොන්වේ යළි නවසීලන්ත සංචිතයට කැදවා තිබෙනවා.

ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරගාවලියට එක් නොවූ ට්‍රෙන්ට් බෝල්ට් හා මැට් හෙන්රි බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් සංචිතයට ඇතුළත්.

ක්‍රීඩකයින් 13 දෙනෙකු සමගින් නම් කර ඇති නවසීලන්ත සංචිතයට ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දී සුපිරි දක්ෂතාවයක් පෙන්නුම් කළ දග පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජනවාරි පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Squad:

Tom Latham (c), Tom Blundell (wk), Trent Boult, Devon Conway, Matt Henry, Kyle Jamieson, Daryl Mitchell, Henry Nicholls, Rachin Ravindra, Tim Southee, Ross Taylor, Neil Wagner, Will Young

Leave a comment