Ultimate magazine theme for WordPress.

පෝප් එංගලන්ත සංචිතයට ඇතුළත් කෙරේ

එංගලන්ත පිතිකරු ඔලී පෝප්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝගත්‍යතාවයකින් පසුවන බවට තහවුරු වී තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ දී ඔහු වම් උරහිසෙහි ආබාධයකට ගොදුරු වී සිටි අතර, ඒ හේතුවෙන් පළමු තරගයට ඔහුගේ සහභාගීත්වය මෙතෙක් පැවතුණේ අවිනිශ්චිත තත්ත්වයකයි.

පසුගිය දින දෙකේ දී 23 හැවිරිදි ඔලී පෝප් සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම්වල ද නිරත වූ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මීට පෙර සම්පූර්ණ සුවය ලබා නොසිටියද ඔහු නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා පැමිණි එංගලන්ත සංචිතයට ද ඇතුළත්ව සිටියා.

Leave a comment