Ultimate magazine theme for WordPress.

පුහුණුකරුට සහ තිරිමාන්නට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහුට අමතරව මුල් පෙල පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්නටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එළඹෙන කොදෙව් තරග සංචාරයට නම් කර සිටින මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින්ට ඊයේ සිදුකළ PCR පරීක්ෂණයේදී ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට මෙලෙස හදුනා ගෙන ඇති බව සදහන්.

Leave a comment