Ultimate magazine theme for WordPress.

පියාගේ අභාවය නිසා කොදෙව් සුපිරි වේග පන්දු යවන්නා යළි සිය රටට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කෙමා රෝච් සහ ෂේන් ඩව්රිච්ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාටම පෞද්ගලික හේතූන් මත යළි කොදෙව් දේශය බලා පිටව යාමට සිදුව තිබීම හේතුවෙන්.

කෙමා රෝච් යළි සියරට බලා පිටත්ව යාමට තීරණය කර ඇත්තේ සිය පියාගේ අභාවය හේතුවෙන්.

රෝච් පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 3ක් දවා ගත් අතර, ඩව්රිච්ට ඉනිම් දෙකේදීම පන්දුවට පහර දීමේ අවස්ථාව අහිමි වූයේ අතක ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන සිකුරාදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

 

Leave a comment