Ultimate magazine theme for WordPress.

පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂාවක් සදහා රැගෙන යයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇති බව වාර්තා වනවා.

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(20) ජිලෝන්ග් හී දී ආරම්භ වූ තරගයේ පිතිකරණයේ නිරත වෙමින් සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙනුයි.

ඒ අනුව පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් (scan) සදහා යොමු කර ඇති බව සදහන්.

නිස්සංක අද තරගයේ දී ලකුණු 14 කට දැවී ගිය අතර, පසුගිය 18 වැනිදා පැවැති තරගයේ දී ඔහු ලකුණු 74 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

මීට පෙර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ඩිල්ෂාන් මදුෂංක, දුෂ්මන්ත චමීර හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින්ට ද ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

Show Comments (2)