Ultimate magazine theme for WordPress.

පැට් කමින්ස් IPL ගැන තීරණයක් ගනියි

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් තීරණය කර තිබෙනවා.

කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියට පෙර පෙබරවාරි හා මාර්තු මාසයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරග 4 කින් යුත් තරගාවලියක් ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව එංගලන්තයේ දී අලුබදුන ටෙස්ට් තරගාවලිය මෙන්ම ඉන්දියාවේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ද මෑතකදී පැට් කමින්ස් නම් කෙරුණු අතර, ඒ අනුව ලබන වසරේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඔහු එක්දින තරගාවලි රැසක් සදහා ද ක්‍රීඩා කරනු ඇති.

අලුබදුන හා ලෝක කුසලාන තරගාවලියට පෙර විවේකයක් ලබා ගැනීමේ අරමුණින් තමා ලබන වසරේ පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කළ බවයි පැට් කමින්ස් සදහන් කළේ.

ඔහුව කොල්කටා කණ්ඩායම විසින් පසුගිය තරග වාරය සදහා ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 7.25 මුදලකටයි.

Show Comments (1)