Ultimate magazine theme for WordPress.

පාවා දුන් චෝදනාව ගැන හිටපු ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රශ්න කරනවා – අයි.සී.සී

ADVERTISEMENT

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

NewsWire වෙබ් අඩවියට අදහස් දක්වමින් අයි.සී.සී නිළධාරියෙකු සදහන් කර ඇත්තේ අදාළ චෝදනාව පිළිබද විමර්ශනය කිරීමට ප්‍රමාණවත් කරුණු තිබේදැයි සොයා බැලීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩකයින් විසින් නොව නිළධාරීන් පිරිසක් විසින් පාවා දුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා චෝදනා කළා.

කෙසේ වෙතත්, එවකට සිටි තේරීම් කමිටු සභාපතිවරයා වන අරවින්ද ද සිල්වා මහතා ද, එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර මෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන ද මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියා.

Leave a comment