Ultimate magazine theme for WordPress.

පාවා දීමේ චෝදනාව ගැන විශේෂ විමර්ශන ඒකකය මහින්දානන්දගෙන් ප්‍රශ්න කරයි

ADVERTISEMENT

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් පිරිසක් අද පෙරවරුවේ පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

අවසන් මහා තරගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබදව  ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයට අදළව මෙම ප්‍රකාශය ලබා ගන්නා බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් අවසන් මහා තරඟය ඉන්දියාවට පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පසුගිය දා තීරණය කෙරුණේ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි.

Leave a comment
x