Ultimate magazine theme for WordPress.

පාන්ඩ්යා නවසීලන්තයට එරෙහිව නායකයා වෙයි ; බුම්රා තවදුරටත් ක්‍රිකට් පිටියෙන් ඉවතට

නොවැම්බර් මාසයේ දී සිදු කිරීමට නියමිත නවසීලන්ත තරග සංචාරයෙන් රෝහිට් ෂර්මා, විරාට් කෝලි හා කේ. එල් රාහුල් විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්යා නම් කර ඇති අතර, එක්දින සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ ශිකර් ධවාන් විසින්.

නොවැම්බර් 18 වැනිදා 20යි 20 තරගාවලියෙන් ආරම්භ වන මෙම තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස රිෂාබ් පාන්ට් කටයුතු කරනු ඇති.

ආබාධ හේතුවෙන් මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරුණු ජස්ප්‍රිට් බුම්රා හා රවීන්ද්‍ර ජඩේජා මෙම තරග සංචාරයට ද නම් කර නැහැ.

මෙම තරග සංචාරය සදහා තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් හා තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් ඇතුළත්.

මේ අතර, දෙසැම්බර් මාසයට යෙදී ඇති බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ඉන්දීය ටෙස්ට් හා එක්දින සංචිත සදහා රවීන්ද්‍ර ජඩේජා ඇතුළත් කර තිබෙනවා.

ජස්ප්‍රිට් බුම්රා බංග්ලාදේශ තරග සංචාරයට ද නම් කර නැහැ.

බංග්ලාදේශ තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 2 ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

IND Squad for NZ T20Is:

Hardik Pandya (C), Rishabh Pant (vc & wk), Shubman Gill, Ishan Kishan, Deepak Hooda, Surya Kumar Yadav, Shreyas Iyer, Sanju Samson (wk), W Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Arshdeep Singh, Harshal Patel, Mohd. Siraj, Bhuvneshwar Kumar, Umran Malik.

IND Squad for NZ ODIs:

Shikhar Dhawan (C), Rishabh Pant (vc & wk), Shubman Gill, Deepak Hooda, Surya Kumar Yadav, Shreyas Iyer, Sanju Samson (wk), W Sundar, Shardul Thakur, Shahbaz Ahmed, Yuzvendra Chahal, Kuldeep Yadav, Arshdeep Singh, Deepak Chahar, Kuldeep Sen, Umran Malik.

IND Squad for Bangladesh ODIs:

Rohit Sharma (C), KL Rahul (vc), Shikhar Dhawan, Virat Kohli, Rajat Patidar, Shreyas Iyer, Rahul Tripathi, Rishabh Pant (wk), Ishan Kishan (wk), Ravindra Jadeja, Axar Patel, W Sundar, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Deepak Chahar, Yash Dayal

IND Squad for Bangladesh Tests:

Rohit Sharma (C), KL Rahul (VC), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Shreyas Iyer, Rishabh Pant (wk), KS Bharat (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav.

Show Comments (2)