පාකිස්තාන සුපර් ලීගය අදින් ඇරඹේ

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර අදින්(20) ආරම්භ වනවා.
පළමු තරගය අද පැවැත්වෙන්නේ පසුගියවර ශූරතාවය දිනා ගත් කරච්චි කිංග්ස් කණ්ඩායම සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.
කරච්චි කණ්ඩායම ඉමාඩ් වසීම් විසින් ද ග්ලැඩියේටර්ස් කණ්ඩායම සර්ෆරාස් අහ්මඩ් විසින් ද මෙහෙයවනු ලබනවා.
එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට කරච්චි හී දී ආරම්භ කිරීමට නියමිතයි.
මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරන අතර, මාර්තු 22 වනදා දක්වා තරග 34ක් පැවැත්වීමට නියමිතයි.