Ultimate magazine theme for WordPress.

පාකිස්තාන ලෝක කුසලාන සංචිතයටත් අවසන් මොහොතේ වෙනසක්

එළඹෙන 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට ෆකාර් සමාන් නම් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

උස්මාන් කාදීර් ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඔහුව සංචිතයට කැදවා ඇත්තේ.

ෆකාර් සමාන් මීට පෙර ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබුණා.

උස්මාන් කාදීර් ප්‍රධාන සංචිතයෙන් ඉවත් කෙරුණ ද, ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතය හා රැදී සිටිනු ඇති.

Show Comments (1)