Ultimate magazine theme for WordPress.

පාකිස්තාන ප්‍රබලයින් තිදෙනෙකුටත් LPL තරගාවලිය අහිමි වෙයි

එළඹෙන නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ද ලබන 26 වනදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමි වනු ඇති බව වාර්තා වනවා.

අදාළ සංචාරය සදහා වන ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් සංචිතයක් අද (11) එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

මොහොමඩ් හෆීස්, වහබ් රියාස් සහ සර්ෆ්‍රාස් අහ්මඩ් යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර, සංචිතයට නම් කර ඇති පාකිස්තාන ක්‍රීඩකයින් සියලු දෙනා ලබන 23 වනදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

සර්ෆ්‍රාස් අහ්මඩ් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සදහා ද වහබ් රියාස් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සදහා ද තෝරා ගෙන තිබූ අතර, මොහොමඩ් හෆීස් කලම්බු කිංග්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි බවටයි වාර්තා වුණේ.

එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින තවත් පාකිස්තාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වන මොහොමඩ් අමීර්, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි සහ අසීෆ් අලී මෙම පාකිස්තාන සංචිතයට නම් කර නැහැ.

ඒ අනුව ඔවුන්ට ගැටලුවකින් තොරව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇති.

මීට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඩේවිඩ් මිලර් ද ලොව අංක එකේ 20යි 20 පිතිකරු වන එංගලන්තයේ ඩේවිඩ් මලාන් ද එල්.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළේ එංගලන්ත කණ්ඩායමේ එළඹෙන  දකුණු අප්‍රිකා තරග සංචාරය හේතුවෙන්.

ALSO READ : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට

Leave a comment