Ultimate magazine theme for WordPress.

පාකිස්තාන ක්‍රීඩිකාවන් 25කට සහනයක්

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් රැකියා විරහිත ක්‍රිකට් ක්‍රීඩිකාවන් 25 දෙනෙකු සදහා මූල්‍යමය සහනයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත අර්බුදය පදනම් කර ගනිමින්.

ඒ අනුව අගෝස්තු මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මාස 3ක කාලයකට පාකිස්තාන රුපියල් 25,000ක මාසික දීමනාවක් තෝරා ගන්නා ලද ක්‍රීඩිකාවන් 25 දෙනෙකුට පිරිනැමීමට නියමිතයි.

2019-20 දේශීය තරග වාරය සදහා ක්‍රීඩා කර තිබීම මෙන්ම 2020-21 තරග වාරය සදහා කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවක් නොවීම යන ප්‍රධාන නිර්නායක පදනම් කර ගනිමින් ක්‍රීඩිකාවන් 25 දෙනෙකු තෝරා ගැනීමේ කටයුතු සිදු වනු ඇති.

Leave a comment