Ultimate magazine theme for WordPress.

පාකිස්තානය 126/5 – Day 1 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (13) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව දිනය නිමා වන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 126ක් ලබා සිටියා.

බබාර් අසාම් නොදැවී ලකුණු 25යි.

මුළු ලකුණු පුවරුව 6 ක්ව තිබිය දී ප්‍රථම කඩුල්ල ලෙස පෙර තරගයේ ශතක ලාභී ශාන් මසූඩ්ව එක් ලකුණකට දවා ගැනීමට ජේමීස් ඇන්ඩර්සන් සමත්වුණා.

අබිඩ් අලී ලකුණු 60ක් රැස් කළ අතර, නායක අසාර් අලීට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 20 ක් පමණයි.

අශාඩ් ෂෆීක් ලකුණු 5යි.

වසර 11කට පසුව යළි පකිස්තාන ටෙස්ට් කණ්ඩායමට කැඳවීමක් ලද ෆාවඩ් අලාම් මෙම තරගයේදී වටිනා ඉනිමක් ක්‍රීඩාකරනු ඇතැයි පකිස්තාන ප්‍රේක්ෂකයන් අපේක්ෂාවෙන් සිටිය ද ඔහුට අවාසනාවන්ත ලෙස ලකුණු නොලබා දැවීයාමට සිදුවුණා

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වෙනවා.

Leave a comment