පාකිස්තානයේ පිතිකරණ පුහුණුකාරධූරය යුනිස් ඛාන්ට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු නායකයෙකු වන යුනිස් ඛාන් පත් කර තිබෙනවා.
ඒ, එළඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන්.
මිස්බා උල් හක් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වකාර් යුනිස් කටයුතු කරන අතර, මුෂ්ටක් අහ්මඩ් ද දග පන්දු පුහුණුකරු ලෙස හා උපදේශකවරයෙකු ලෙස පාකිස්තාන කණ්ඩායම සමග එංගලන්තයේ දී එක් වනු ඇති.
මෙම තරග සංචාරයට ටෙස්ට් තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.
එය අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.