Ultimate magazine theme for WordPress.

පාකිස්තානයේ අනපේක්ෂිත ජයග්‍රහනයෙන් පසු ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

බංග්ලාදේශය සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම ඊයේ(8) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානය ඉනිමක හා ලකුණු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙම ජයග්‍රහනයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ද පාකිස්තානය සමත් වුණා.

ඩකා නුවර පැවැති මෙම තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, සිව්වැනි දිනය ආරම්භ වන විටත් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 188ක් පමණයි.

පාකිස්තාන පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 300ක් ලබා සිටියදී අත්හිටුවීමට නායක බබාර් අසාම් තීරණය කළා.

ඒ වන විටත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇති බවට බොහා් දෙනෙකු අනුමාන කළ ද පාකිස්තාන පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට අමිහිරි පරාජයක් මෙම තරගයෙන් හිමි වුණා.

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 87කට සීමා වූ අතර, අනතුරුව පාකිස්තානයේ ආරාධනයෙන් අඛණ්ඩව දෙවැනි ඉනිම ද ක්‍රීඩා කළ බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 205ක් පමණයි.

පන්දු යැවීමේ දී සජිඩ් ඛාන් පළමු ඉනිමේ දී කඩුලු 8ක් ද, දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් ද දවා ගැනීම කැපී පෙනුණා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Leave a comment