Ultimate magazine theme for WordPress.

පාකිස්තානයට එරෙහි සිම්බාබ්වේ සංචිතයට නවකයින් 5ක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය අද(26) ප්‍රකාශයට පත් කෙරුණා.

ශෝන් විලියම්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Luke Jongwe, Richard Ngarava, Roy Kaia, Milton Shumba සහ Tanaka Chivanga යන ක්‍රීඩකයින් ද සංචිතයට නම් කර තිබෙනවා.

2017 වසරේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති Tendai Chisoro ද සංචියට කැදවා ඇති අතර, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඇෆ්ඝනිස්තානයට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ බ්‍රෙන්ඩන් ටේලර් ද මෙම තරගාවලිය සදහා කැදවා ඇති බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, ආබාධයක් හේතුවෙන් ක්‍රෙයිග් අර්වින්ට පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇති අතර, අසනීප තත්ත්වයෙන් පසු වූ සිකන්ඩා රාසා තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් මෙම තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.

සිම්බාබ්වේ සංචිතය –

Sean Williams (c), Regis Chakabva, Tendai Chisoro, Tanaka Chivanga, Luke Jongwe, Roy Kaia, Kevin Kasuza, Wellington Masakadza, Prince Masvaure, Tarisai Musakanda, Blessing Muzarabani, Richard Ngarava, Victor Nyauchi, Milton Shumba, Brendan Taylor, Donald Tiripano

Leave a comment