Ultimate magazine theme for WordPress.

ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා සංචාරයෙන් විවේක ගන්වයි

ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන එංගලන්ත ටෙස්ට් සංචිතය අද(11) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ක්‍රීඩකයින් 16 දෙනෙකු මෙම සංචිතයට නම් කර ඇති අතර, අමතර ක්‍රීඩකයින් 7 දෙනෙකු ද සංචාරයට එක් වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම ටෙස්ට් තරගාවලියෙන් බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර් විවේක ගන්වා ඇති අතර, පෙබරවාරි මාසයේ දී ආරම්භ වන ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ඔවුන් දෙදෙනා නම් කරනු ඇති.

සිය බිරිද පළමු දරු උපත අපේක්ෂාවෙන් පසුවන බැවින් රොරී බර්න්ස් ශ්‍රී ලංකා සංචාරයට එක්වන්නේ නැහැ.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම ලබන 3 වනදා දිවයිනට පැමිණිමට නියමිතයි.

තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය ජනවාරි 14 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 22 වනදා ද ආරම්භ වන අතර, තරග දෙකම ගාල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇති.

තරගාවලියේ තරග දෙකම ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට නියමිතයි.

  • England Men’s Test Squad : Joe Root (c), Moeen Ali , James Anderson , Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Jos Buttler , Zak Crawley , Sam Curran , Ben Foakes , Dan Lawrence, Jack Leach , Dom Sibley , Olly Stone , Chris Woakes , Mark Wood
  • Reserves : James Bracey , Mason Crane , Saqib Mahmood , Craig Overton , Matthew Parkinson, Ollie Robinson, Amar Virdi

Tour Schedule :

  • 2 January: Touring party departs from London to Hambantota
  • 5-9 January: Training and preparation at Mahinda Rajapaksa International Cricket Stadium, Hambantota
  • 14-18 January: 1st Test match – Sri Lanka v England, Galle International Cricket Stadium, Galle
  • 22-26 January: 2nd Test match – Sri Lanka v England, Galle International Cricket Stadium, Galle
  • 27 January: Touring party departs Sri Lanka
Leave a comment