ප්‍රබල ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවකටත් කොරෝනා

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා හර්මන්ප්‍රීට් කොවුර්ට ද කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.
ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කළා.
තමා මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
හර්මන්ප්‍රීට් අවසන් වරට ක්‍රීඩා කළේ පසුගියදා සංචාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව නිමා වූ තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහායි.
ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඉර්ෆාන් පතාන්ට, ඔහුගේ සහෝදරයා වන යුසුෆ් පතාන්ට මෙන්ම එස්. බද්‍රිනාත් සහ සචින් ටෙන්ඩුල්කාර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දින කිහිපයේ දී තහවුරු වුණා.
එම ක්‍රීඩකයින් සිව්දෙනාම මෑතකදී නිමා වූ “Road Sefety World Series” තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළා.
— Harmanpreet Kaur (@ImHarmanpreet) March 30, 2021