Ultimate magazine theme for WordPress.

ප්‍රබල ක්‍රීඩකයෙකු ඉන්දීය ටෙස්ට් සංචිතයෙන් නිදහස් කෙරේ

එංගලන්තය සමග පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය සදහා වන ඉන්දීය සංචිතයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා නිදහස් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

තරගාවලියේ කාල රාමුව හා  බුම්රා මෑත කාලයේ දී ක්‍රීඩා කළ තරග ප්‍රමාණය පිළිබද සැලකිල්ලට ගනිමිනුයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරග තුනේ දී බුම්රා කඩුලු 17 ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අතර, ආබාධයක් හේතුවෙන් දෙවැනි හා තෙවැනි ටෙස්ට් තරග අහිමි වූ මැද පෙල පිතිකරුවෙකු වන කේ එල් රාහුල්ට ‌සිව්වැනි තරගය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ධරම්සාලා හී දී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය සදහා ඔහුගේ සහභාගීත්වය ශාරීරිය යෝග්‍යතාවය මත තීරණය කරනු ඇති.

මේ අතර, තෙවැනි ටෙස්ට් තරගය සදහා වන ඉන්දීය සංචිතයෙන් නිදහස් කෙරුණු මුකේෂ් කුමාර් මේ වන විට රංචි හී දී ඉන්දීය සංචිතය සමග එක් වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස ඉන්දියාව පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, සිව්වැනි ටෙස්ට් තරගය එළඹෙන 23 වැනිදා රංචි හී දී ආරම්භ වීමට නියමිතයි.

India’s updated squad for the 4th Test:

Rohit Sharma (C), Yashasvi Jaiswal, Shubman Gill, Rajat Patidar, Sarfaraz Khan, Dhruv Jurel (WK), KS Bharat (WK), Devdutt Padikkal, R Ashwin, Ravindra Jadeja, Axar Patel, Washington Sundar, Kuldeep Yadav, Mohd. Siraj, Mukesh Kumar, Akash Deep.

Leave a comment