Ultimate magazine theme for WordPress.

SL vs AFG : ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා නොමැතිව ඇෆ්ඝනිස්තාන T20 සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිතව සිදු කෙරුණු ශල්‍යකර්මයෙන් පසුව තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැති බැවින් ඇෆ්ඝනිස්තාන නායක රෂීඩ් ඛාන් තවදුරටත් එරට ජාතික සංචිතයට නම් කර නැහැ.

ඒ අනුව ඊබ්‍රහීම් සඩ්‍රාන්ගේ නායකත්වයෙන් යුත් 20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

රෂීඩ් ඛාන්ගෙන් පසු එරට ප්‍රධානතම දග පන්දු යවන්නා වන මුජීබ් උර් රහ්මාන්ට ද මෙම 20යි 20 තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහුගේ දකුණු අතෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන්.

මේ අතර, ඉක්‍රම් අලිකිල් හා රහ්මට් ශාහ් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, කඩුලු රකින පිතිකරුවෙකු වන Mohammad Ishaq හා වේග පන්දු යවන ක්‍රීඩක Wafadar Momand සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පාදයක ආබාධයකට ලක් වූ මොහමඩ් සලීම් ද මෙතෙක් සුවය ලබා නොමැති බැවින් 20යි 20 තරගාවලියට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය එළඹෙන 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. සියලු තරග රාත්‍රී 7ට ආරම්භ වනවා.

Afghanistan squad:

Ibrahim Zadran (c), Rahmanullah Gurbaz (wk), Mohammad Ishaq (wk), Hazratullah Zazai, Gulbadin Naib, Mohammad Nabi, Najibullah Zadran, Azmatullah Omarzai, Karim Janat, Sharafuddin Ashraf, Fazalhaq Farooqi, Fareed Ahmad, Naveen-ul-Haq, Noor Ahmad, Wafadar Momand and Qais Ahmad

Sri Lanka Squad :
Wanindu Hasaranga (c) Charith Asalanka (vc), Pathum Nissanka , Kusal Mendis, Dhananjaya De Silva, Kusal Janith Perera , Angelo Mathews, Dasun Shanaka, Maheesh Theekshana, Binura Fernando, Matheesha Pathirana, Dilshan Madushanka, Nuwan Thushara, Akila Dananjaya, Kamindu Mendis, Sadeera Samarawickrama

Leave a comment