පළමු දිනයේ සියලු ගෞරව පාකිස්තානයට – Day 1 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ඊයේ(29) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය පාකිස්තානයට හිමි කර දෙමින්.
හරාරේහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 176ක් පමණයි.
Roy Kaia ලකුණු 48ක් සහ ඩොනල්ඩ් ටිරිපානෝ නොදැවී ලකුණු 28ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි සහ හසන් අලී කඩුලු 4 බැගින් බිද හෙලුවා.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 103ක් ලබා සිටියා.
ඉම්රාන් බට් නොදැවී ලකුණු 43ක් සහ අබිඩ් අලී නොදැවී ලකුණු 56ක් රැස් කරමින් කඩුලලේ රැදී සිටිනවා.
ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 73ක්.