පළමු ටෙස්ට් තරගයේ පාලනය තවදුරටත් බංග්ලාදේශයට – Day 2 Report

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අද(22) නිමා වුණේ තවදුරටත් තරගයේ සම්පූර්ණ පාලනය බංග්ලාදේශය වෙත හිමි කර දෙමින්.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශය අද දිනයට තරගය අත්හිටුවන විට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 474ක්.
නොදැවී පන්දුවට පහර දෙන මුෂ්ෆිකර් රහීම් ලකුණු 43ක් සහ ලිටොන් දාස් ලකුණු 25ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ඊයේ දිනයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ නජ්මුල් හුසේන් ශන්ටො අද දිනයේ දී ලකුණු 163කට දැවී ගියා.
ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 17ක් ඇතුළත්.
නායක මොමිනුල් හක් සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 127ක්.(4×11)
ටමිම් ඉක්බාල් ලකුණු 90ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත් අතර, ළහිරු කුමාර සහ ධනංජය ද සිල්වා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
— cric fun (@cric12222) April 22, 2021