Ultimate magazine theme for WordPress.

පහසු ස්ටම්ප් කිරීමක් ගිලිහී යාමෙන් සර්ෆ්‍රාස් යළි විවේචනයට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ්ට ඊයේ කලකට පසුව යළි ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුණා.

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 තරගයේ දී යි.

ඔහු ජාත්‍යන්තර තරගයක් සදහා මෙලෙස ක්‍රීඩා කළේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයක්.

අවසන් වරට සර්ෆ්‍රාස් අහ්මඩ් 20යි 20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර තිබුණේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති 20යි 20 තරගාවලියේ දී යි.

එම තරගාවලියේ දී ඔහු කණ්ඩායමේ නායකත්වය ද දැරූ නමුත්, තරගාවලියෙන් නවක ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පාකිස්තානය තරග 0-3ක පරාජයක් ලැබුවා.

අනතුරුව ඔහුට කණ්ඩායමේ නායකත්වය පමණක් නොව ස්ථානය ද අහිමි වීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී සර්ෆ්‍රාස් අහ්මඩ් යළි ජාත්‍යන්තර පිටියට පිවිසිය ද ඔහුට පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

කෙසේ වෙතත්, පාකිස්තානය පන්දු යැවීමේ දී කඩුලු රැකීමේ වගකීම සුපුරුදු පරිදි හිමිවූයේ ඔහුටයි.

එහිදී ඔහු අතින් සිදු වූ බරපතල අත්වැරදීමක් කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබෙනවා.

එමෙන්ම බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව විවේචනයට ද ලක් කරනු දක්නට ලැබෙනවා.

ඒ, මොයීන් අලී ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමට තිබූ පහසු අවස්ථාවක් ඔහු අතින් ගිලිහී යාම හේතුවෙන්.

ඊට අදාළ දර්ශන පහතින් නරඹන්න –


Leave a comment