Ultimate magazine theme for WordPress.

පසුගියවර LPL ක්‍රීඩා කළ ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් 09 දෙනෙකුට මෙවර තරගාවලිය අහිමිවෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන ජූලි  30 වන දා සිට අගෝස්තු 22 වන දා තෙක් පැවැත්වීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළ බව මීට දින කිහිපයකට පෙර අප ඔබට තොරතුරු වාර්තා කළා.

නමුත් පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් 09 දෙනෙකුට මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී යනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ ලබන ජූලි 21 වන දා සිට අගෝස්තු 21 වනදා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” හෙවත් ඉනිමකට පන්දු සියය බැගින් වන නව තරගාවලිය හේතුවෙන්.

එම තරගාවලිය සදහා එල්.පී.එල් තරගාවලියට එක් වූ ක්‍රීඩකයින් 07 දෙනෙකු පමණ සහභාගීවීමට නියමිතව සිටිනවා.

එමෙන්ම අගෝස්තු 06 වනදා සිට 20 වන දා තෙක් පැවැත්වෙන සිම්බාබ්වේ කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය හේතුවෙන් ද පසුගියවර කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් බහුල සිම්බාබ්වේ පිතිකරුවෙකු වන බ්‍රෙන්ඩන් ටේලර්ට හා අයර්ලන්ත පිතිකරු පෝල් ස්ටර්ලින්ග්ට ද මෙවර එල්.පී.එල් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී යනු ඇති.

පෝල් ස්ටර්ලින්ග් නියෝජනය කළේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමයි.

ද හන්ඩ්‍රඩ් තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් එල්.පී.එල් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය හැකි ක්‍රීඩකයන් 08 දෙනා පහතින් –

Daniel Bell-Drummond (Birmingham Phoenix), Laurie Evans (Oval Invincibles), Andre Russell (Southern Brave), Qais Ahmad (Welsh Fire) – (කලම්බු කිංග්ස් කණ්ඩායම)

Tom Moores (Trent Rockets) (ජැෆ්නා ස්ටැලියන්ස්)

Mohammad Amir (London Spirit) (ගෝල් ග්ලැඩියේටර්ස්)

Samit Patel (Trent Rockets) (දඹුල්ල වයිකින්ග්)

Leave a comment