Ultimate magazine theme for WordPress.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වෙයි

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයෙකුට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඊයේ(22) දිනයේ සිදු කළ PCR පරීක්ෂණවලදී මේ බව හදුනා ගෙන ඇති බව සදහන්.

ඔහුගේ සමීපතම ආශ්‍රිත සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ දිනවල පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය සදහා මින් බලපෑමක් සිදු නොවනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වනවා.

ඒ, පුහුණුකරුවන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

Leave a comment