Ultimate magazine theme for WordPress.

පතාන් ක්‍රිකට් පිටියට සමු දෙයි

ADVERTISEMENT

ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ යුසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

38 හැවිරිදි වියේ පසුවන ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 57කට සහ 20යි 20 තරග 22කට ක්‍රීඩා කර තිබුණා.

එහිදී ඔහු එක්දින ලකුණු 810ක් සහ 20යි 20 ලකුණු 236ක් රැස් කළා.

පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක් වූ ඔහු බිද හෙලා ඇති ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව 46ක්.

ඔහු ඉන්දීය හිටපු ක්‍රීඩක ඉර්ෆාන් පතාන්ගේ වැඩිමහල් සහෝදරයා ද වනවා.

Leave a comment
x