Ultimate magazine theme for WordPress.

නෙදර්ලන්තයේ ජයත් සමග ශ්‍රී ලංකාව A කාණ්ඩයේ අවසන් තැනට ඇද වැටෙයි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරදා කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම අද(16) සමත් වුණා.

ජීලෝන්ග්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 111 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට නැමීබියාව සමත් වුණා.

ඒ අනුව මේ වන විට A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට නැමීබියාව සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 2ක් සමගින් 2.750 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගෙන යමින්.

ප්‍රසාද ලකුණු දෙකකට හිමිකම් කියන නෙදර්ලන්තය 0.097 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල (-0.097 ) තෙවැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව (-2.750 ) අවසන් ස්ථානයේත් පසුවනවා.

Leave a comment